(RIVIRA.LK, 2020 ජුනි 11 පස්වරු 03.00ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 11 බ්‍රහස්පතින්දා පස්වරු 02.30 වන විට 1,869ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 11 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 65 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,150කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 708ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 51ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 61.5%ක් ලෙසත් මරණ අනුපාතය 0.5%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 874 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා. නාවික හමුදා සාමාජිකයින් 622 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,869 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 03
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 642
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 911
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 708 අතුරින්,
- IDH රෝහල – 127
- වැලිකන්ද මූලික රෝහල – 95
- මුල්ලේරියාව මූලික රෝහල – 18
- ඉරණවිල මූලික රෝහල – 28
- කාත්තන්කුඩි මූලික රෝහල – 95
- නාවික හමුදා රෝහල – 46
- හෝමාගම මූලික රෝහල – 47
- මිනුවන්ගොඩ මූලික රෝහල – 46
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 107
- තෙල්දෙණිය මූලික රෝහල – 95
- යුද හමුදා රෝහල පනාගොඩ – 04ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 81,735ක් වන අතර ජුනි 10 දින පමණක් පරීක්ෂණ 1,433ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

