,
Covid-19

තවත් ආසාදිතයින් 7ක්, සමස්ථය 1,876 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 11 පස්වරු 06.12ට – යාවත්කාලීන කිරීම පස්වරු 07.33)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 11 බ්‍රහස්පතින්දා පස්වරු 06.45 වන විට 1,876ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 7ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 28ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,150කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 715ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 28කට සුවයි

Rivira Ads
To Top