,
News

“සුනිල් ජයවර්ධන සිදුවීමෙන් හෙළිවන්නේ රටේ ජාතික ආරක්ෂාවට අත්ව ඇති ඉරණමයි” – සජිත් ප්‍රේමදාස

(RIVIRA.LK, 2020 ජුනි 12 පෙරවරු 10.28ට)

ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රි රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය හරහා රටේ ජාතික ආරක්ෂාව පත්ව ඇති තත්ත්වය පැහැදිලි වන බව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියයි.

සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දි ජුනි 11 දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව ලීසිං සහන ගැන නොයෙක් කතා කිව්වත් ඒ කිසිවක් මහපොළොව තුළ යථාර්තයක් නොවූ බව ද ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව නොමඟ යෑම හරහා සුනිල් ජයවර්ධනට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බවයි.

එසේම සුනිල් ජයවර්ධනගේ ඝාතනයට සම්බන්ධ සියලුම පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත් වහාම දැඩි දඬුවම් පමුණුවන ලෙස ද මෙවැනි ඝාතනයන් තරයේ හෙළා දකින බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

Rivira Ads
To Top