(RIVIRA.LK, 2020 ජුනි 12 පස්වරු 02.15ට)
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් හා චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගූ සමගි ජනබලවේගය පක්ෂයේ 2020 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින් රැසක් මේ වන විට ඉල්ලා අස් වී තිබෙනවා.
ප්‍රථමයෙන්ම ජුනි 09 දින ඉල්ලා අස්වූයේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර යි. ඔහු “මන්ත්‍රී දේශපාලනයෙන්” සමුගන්නා බව ප්‍රකාශ කළ අතර තම අංකය ඉදිරියේ මනාප සළකුණු නොකරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
දෙවනුව ජුනි 10 දින සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය. තමාගේ තීරණය පක්ෂ මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් ඔහු එළැඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට සහය පළ කිරීමට තීරණය කර ඇති බව සඳහන් කළා.
මේ වන විට සමගි ජනබලවේගයේ තුන්වැනි අපේක්ෂිකාවත් ඉල්ලා අස් වී ඇත. ඒ අනුව ජුනි 11 දින සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලූකා ඒකනායක ඉල්ලා අස් වී තිබෙනවා. ඇය යහපාලන රජයේ පළාත් දෙකක ආණ්ඩුකාරධූර දැරූ අතර අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙතත් මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර වෙතත් ලිඛිතව යොමුකර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය යොමු කළ ගැටළුවකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ අපේක්ෂක ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කිසිවෙකුට ඉල්ලා අස්විය නොහැකි බවයි. ඒ අනුව ඔවුන්ගේ නම් සහ අංක ඡන්ද දැන්වීම් තුළත් පත්‍රිකා තුළත් අවසානයේ ප්‍රතිඵල තුළත් අන්තර්ගත වන බව ඔහු සඳහන් කළා.

