තවත් 46කට සුවය – දෛනික වාර්තාව
(RIVIRA.LK, 2020 ජුනි 12 පස්වරු 04.27ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 12 සිකුරාදා පස්වරු 03.30 වන විට 1,877ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 12 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ආසාදිතයින් 46 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,196කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 670ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 57ක් බවද සඳහන් වේ.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 63.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.5%ක් ලෙසත් වාර්තා වේ.
වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 882 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා.
මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,877 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
- විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 03
- විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 642
- නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 919
- වෙනත් – 313
ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 670 අතුරින්,
- IDH රෝහල – 119
- වැලිකන්ද මූලික රෝහල – 94
- මුල්ලේරියාව මූලික රෝහල – 05
- ඉරණවිල මූලික රෝහල – 32
- කාත්තන්කුඩි මූලික රෝහල – 85
- නාවික හමුදා රෝහල – 43
- හෝමාගම මූලික රෝහල – 47
- මිනුවන්ගොඩ මූලික රෝහල – 35
- හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 107
- තෙල්දෙණිය මූලික රෝහල – 95
- යුද හමුදා රෝහල පනාගොඩ – 04ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 83,412ක් වන අතර ජුනි 11 දින පරීක්ෂණ 1,677ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.