(RIVIRA.LK, 2020 ජුනි 13 පස්වරු 07.28ට )
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 13 සෙනසුරාදා පස්වරු 07.10 වන විට 1,884ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 4ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 56ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,252කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 621ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – ආසාදිතයින් තුනෙන් දෙකකට සුවයි

