(RIVIRA.LK, 2020 ජුනි 13 පස්වරු 7.45ට)
කෝවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ
රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු ජුනි 13 වන දින පෙරවරුවේ මාලේ නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.
මෙම පිරිස රැකියාවන් සඳහා මාලදිවයිනේහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බවයි වාර්තා වන්නේ. දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාළ වාර්තා ලැබෙන තෙක් ඔවුන් සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන තිබෙනවා.
අදාළ පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.
මේ අතර, කොළඹ වරායේ නවතා ඇති නෞකාවක සේවය සඳහා නාවිකයන් 45 දෙනෙකු ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා. ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන්තොටුපළේ සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් 6 ඊ – 9908 දරන ගුවන් යානයෙන් මෙම පිරිස ජුනි මස 13 වන දින දහවල් 12.25ට පමණ මෙරටට පැමිණ ඇත.
ඔවුන් ද කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර ඇත.

