දේශීය පුවත්

මෙරට සිටි ඉන්දීය සංචාරකයින් පිරිසක් යළිත් මව්රටට

Air India

(RIVIRA.LK, 2020 ජුනි 15 පස්වරු 01.15ට)

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ, කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් , ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු සියරට බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි- 1202 දරණ විශේෂ ගුවන් යානයක් මගින් ජුනි මස 15 දින උදෑසන 10.15 ට ඔවුන් ඉන්දියාවට ගොස් ඇත.

මෙම ගුවන් යානයේ පළමුව ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළට ද දෙවනුව එම ගුවන් යානය බැංගලෝර් ගුවන් තොටුපළ වෙත ද ළඟා වීමට නියමිතය.

මෙම මගීන් ඉන්දියාව වෙත යෑමෙන් පසු දින 07 ක් එම ගුවන් තොටුපළ අසළ හෝටල්වල ද , තවත් දින 07 ක් ඔවුන්ගේ නිවෙස් තුළ ද නිරෝධායනය වීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top