,
Covid-19

තවත් නාවිකයින් 33කට සුවයි

(RIVIRA.LK, 2020 ජුනි 15 පස්වරු 02.48ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 11 බ්‍රහස්පතින්දා පස්වරු 2.45 වන විට 890ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වාර්තා වේ.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 33 දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 712ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 178ක් බව ද සඳහන් වේ.

Rivira Ads
To Top