තවත් රෝගීන් 12ක්, සමස්තය 1,900 ඉක්මවයි
(RIVIRA.LK, 2020 ජුනි 15 පස්වරු 05.31ට – යාවත්කාලීන කිරීම පස්වරු 6.01ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 15 වන සඳුදා පස්වරු 05.30 වන විට 1,901ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 12ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 55ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් 12 දෙනා මෙසේය.
- මාලදිවයිනේ සිට පැමිණි – 06
- කුවේට් සිට පැමිණි – 05
- බංගලාදේශයේ සිට පැමිණි – 01
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,342කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 548ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – සුවය ලැබූ ගණන සියයට හැත්තෑ එක දක්වා ඉහළට