,
News

පාලිත තෙවරප්පෙරුමට හදිසි හෘද සැත්කමක්

(RIVIRA.LK, 2020 ජුනි 16 පස්වරු 02.20ට)

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හදිසි ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර තිබෙනවා.

ජුනි 15 දින පස්වරුවේ ඔහුව රෝහල්ගත කර ඇති අතර ජුනි 16 දින හදිසි හෘද සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබෙන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පසුගිය කාලය තුළ අධිකව වෙහෙසී කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ සුබසාධනය උදෙසා කටයුතු කළ අයෙකු වූ අතර දීර්ග කාලයක් තිස්සේ හදවත් රෝගයකින් ද පිඩා විඳිමින් සිට ඇති බව වාර්තා වේ. නියමිත පරිදි අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඔහු උනන්දු නොවන අයෙකු බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Rivira Ads
To Top