කොවිඩ්-19

කොරෝනා ආසාදිත විදේශිකයින් තිදෙනෙක් මෙරටින් හමුවෙයි, ආසාදිතයින් ගණන 1,913 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 16 පස්වරු 05.25ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 16 අඟහරුවාදා පස්වරු 05.00 වන විට 1,913ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 8ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 29ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දැනට වාර්තා වූ ආසාදිතයින් 8 දෙනා අතුරින් 3 දෙනෙකු ඉරානයේ සිට පැමිණි ඉරාන ජාතික කාර්මිකයින් බව වාර්තා වෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කලේ සිදුකළ PCR පරීක්ෂණ වලදී එම පුද්ගලයින් තිදෙනාට වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ බවයි.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම වෙනුවෙන් 85 දෙනෙකුගෙන් සමන්විත කාර්මිකයින් කණ්ඩායමක් ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් මෙරටට ඇතුළු වීමේ දී PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබ ඇති අතර එහිදී මෙම තිදෙනා සිට ඇති බව අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඉතිරි සියලු දෙනා අනිවාර්ය නිරෝධායනය සඳහා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර එම කාල සීමාව අවසානයේ තවත් PCR පරීක්ෂණ වටයකට යොමු කිරීමට නියමිතයි.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,371කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 531ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 29ක් සුවයි

Rivira FB Group Rivira Youtube
To Top