කොවිඩ්-19

ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

ගත වූ පැය 24 තුළ දී ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් ය. ජුනි මස 16 වන අඟහරුවාදා දින ඉන්දියාවේ පුද්ගලයින් 2006 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී ඇත.

ඒ අනුව, මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම එරටින් නව ආසාදිතයින් 11,135 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 354,161දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 187,522 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ. ඉන්දියාවේ කොරෝනා වෛරසය වැළඳී සුව වූ ප්‍රතිශතය 52% ක් වේ.

වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top