දේශපාලන

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් තනතුරට

(RIVIRA.LK, 2020 ජුනි 17 පස්වරු 12.12ට)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ජුනි 17 වන බදාදා දින තීරණය කර ඇත.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දීමට ඒකමතිකව තීරණය කර ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමීමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top