(RIVIRA.LK, 2020 ජුනි 17 පස්වරු 08.40ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 17 බදාදා පස්වරු 8.30 වන විට 900ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 06 දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 740ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 160ක් බව ද සඳහන් වේ.

