දේශීය පුවත්

කංජිපානි ඉම්රාන්ගේ පියා පිහි ඇණුමකින් රෝහලේ

(RIVIRA.LK, 2020 ජුනි 17 පස්වරු 09.31ට)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ දී පිහි ඇණුමකට ලක්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ තැනැත්තා රෝහල්ගත කර ඇති බවයි.

අදාළ පිහි ඇණුම පිරිසක් විසින් සිදුකර ඇති බවට දැනට වාර්තා වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top