(RIVIRA.LK, 2020 ජුනි 18 පස්වරු 12.02ට)
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතිඥ ඩබ්.එව්. ජාලිය සේනාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම උසස් වීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟත්වය ලබා දී ඇති බවයි.
මෙම උසස් වීම 2018.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී තිබෙන බව ද වාර්තා වේ.

