දේශීය පුවත්

පහත් පතුල් බස් ගන්න සහන ණය ක්‍රමයක් ඇතුලු මගී ප්‍රවාහනය පහසු කිරීමේ තීරණ රැසක්

(RIVIRA.LK, 2020 ජුනි 18 පස්වරු 12.43ට)

මෙරට පෞද්ගලික බස් රථ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නව බස් රථ මිලදී ගැනීම වෙනුවෙන් 4%ක සහන පොලී පදනමක් යටතේ ණය මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජුනි 17 දින අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගත් බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

කෙසේ වෙතත් ගුණාත්මක තත්වයෙන් ඉහළ බස්රථ මිල දී ගැනීම සඳහා පමණක් ලබාදෙන මෙම සහන ණය ලබා දෙන්නේ පහත් පතුල් සහිත බස්රථ මිලදී ගැනීමට පමණක් බවද අමාත්‍යවරයා සදහන් විශේෂයෙන්ම සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ලොරි චැසිවලට අටවන ලද බස් රථ” වෙනුවට ඉදිරියේදී නියම මගී ප්‍රවාහනය සඳහාම නිර්මාණය කළ බස්රථ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීම රජයේ අරමුණ බවයි.

එමෙන්ම අර්ධ සුඛෝපභෝගී සේවය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මගී ජනතාවගේ පහසුව සඳහා නව පැසෙන්ජර් ඇප් එකක් හදන්වා දීමට එළැඹෙන සතියේදී කටයුතු කරන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එමගින් බස් රථ ධාවනය වන ස්ථාන සහ වේලාවන් කල්තියා දැන ගැනිමේ පහසුව මගීන් ට සැලසෙන බවයි.

එසේම කෑෂ්ලස් ගෙවීම් ක්‍රම යටතේ ගාස්තු ගෙවීමට කාඩ්පත් හඳුන්වා දීමේ ක්‍රමවේදය ද කඩිනම් කර ඇති බව ඇමතිවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top