(RIVIRA.LK, 2020 ජුනි 19 පෙරවරු 10.57ට)
දිවයින පුරා ඇති සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට යළි විවෘත කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවයි.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම ආරම්භ වූ මුල් අවස්ථාවේම එනම් පසුගිය මාර්තු මස 14 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු සිනමා ශාලා වසා දැමීමට රජය පියරව ගෙන තිබුණි.
සම්බන්ධිත පුවත්
නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියළුම සිනමාශාලා වසා දැමේ

