නාවික හමුදාවේ සුවය ලැබූ ගණන තවදුරටත් ඉහළට, ජුනි 18 නාවික හමුදාවෙන් ආසාදිතයින් නෑ
(RIVIRA.LK, 2020 ජුනි 19 පෙරවරු 11.08ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 19 සිකුරාදා පෙරවරු 10.30 වන විට 901ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ජුනි 18 දින නව ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයක්.
මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 16 දෙනෙකු පසුගිය පැය 48 තුළ සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 756ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 145ක් බව ද සඳහන් වේ.