(RIVIRA.LK, 2020 ජුනි 19 පස්වරු 01.42ට)
බ්‍රසීලය තුළ සිදුවන සීඝ්‍ර කොවිඩ්-19 වෛරස ව්‍යාප්තය සමග ඇමසන් වැසි වනාන්තරයේ සුප්‍රසිද්ධ ස්වදේශික (ආදිවාසි) නායකයෙකු මෙන්ම වනාන්තර ආරක්ෂකයෙකු කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබෙනවා.
1980 දශකයේ ලොව විශාලතම වේලි වලින් එකක් වන බෙලෝ මොන්ටේ නම් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහි සටනේදී කායාපේ ජනතාවගේ ප්‍රධානියා වූ “පෝලින්හෝ පයිකාන්” ජාත්‍යන්තර අවධානයට ලක්විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 ක් පමණ විය.
1998 දී 18 හැවිරිදි දරුවෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් මෙම ස්වදේශික නායකයා වැරදිකරු විය. 1992 දී වසරේදී එල්ල වූ අදාළ දූෂණ චෝදනාව පයිකාන්ව අඩපන කිරීම සඳහා ගොතන ලද්දක් බවට ඔහුගේ සගයින් චෝදනා කර තිබීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් දීර්ඝ නෛතික ක්‍රියාදාමයකින් පසු, 1998 දී ඔහුට වසර හයක සිර දඩුවමක් නියම කර තිබූ නමුත්, ඔහු සිටි උතුරු ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ දේශීය රක්ෂිතයේ නිවාස අඩස්සියේ තැබීම සිදුවිය.
මේ වන විට කොවිඩ් -19 හේතුවෙන් බ්‍රසීලය තුළ ආදිවාසී ප්‍රජාවන්ට හානි පමුණුවා තිබෙනවා.
ලෝකයේ දරුණුතම බලපෑමට ලක්වූ රටවල් අතර බ්‍රසීලය සිටින්නේ දෙවැනි ස්ථානයේ වන අතර මේ වන විට 983,359 කට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් බ්‍රසීලය තුළ වාර්තා වී ඇති අතර, 47,869 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.
1980 ගණන්වල බ්‍රසීලය නැවත ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීමේදී ඉතා වැදගත් ස්වදේශික හඬක් වූ පයිකාන්, ඇමසන් වනයේ විශාල ස්වදේශික ආරක්ෂිත කලාප නිර්මාණය කිරීමේ ව්‍යාපාරයට නායකත්වය දුන්නේය.
ඔහුගේ මරණයට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීලියානු ආදිවාසී ජනතා සංගමය, පයිකාන් විස්තර කළේ ආදිවාසීන් සහ පරිසරය සඳහා “පියෙක්, නායකයෙක් සහ රණශූරයෙක්” ලෙසයි.
මේ වන විට බ්‍රසීලයේ ඇමේසන් කලාපය පුරා ආදිවාසීන් 280 කට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගොස් ඇති බව ආදිවාසි සංගමය පවසයි.

