(RIVIRA.LK, 2020 ජුනි 19 පස්වරු 6.30ට)
මැද පෙරදිග රටවල සේවය කරමින් සිටි ලාංකිකයින් 23 දෙනෙකු කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් ජිවිත්ක්ෂයට පත් වී ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා.
විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන පරිදි, එක්සත් අරාබි එමීර් රජ්‍යයේ සිටි 08 දෙනෙකු, කුවේටයේ 07 දෙනෙක් සහ සෞදි අරාබියේ 6ක් සහ ඔමානයේ 02 දෙනෙකු වශයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත. මෙම මියගිය සියළු දෙනාගේ අවසන් කටයුතු කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති ජාත්‍යන්තර නීතින්ට අනුකූලව සිදුකළ බව ද විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා.
මීට අමතරව, මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල රැකියා සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයින් අතරින් 2,000 කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

