(RIVIRA.LK, 2020 ජුනි 20 පෙරවරු 09.42ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 20 වන සෙනසුරාදා පෙරවරු 09.30 වන විට 1,950ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 19 වන සිකුරාදා දිනය තුළ නව ආසාදිතයින් 3ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 25ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය හා මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිහි සිට පැමිණ කටාර් බලා යාමට පැමිණි මගියෙක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,446කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 493ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
