කොවිඩ්-19

සුවය ලැබූ නාවිකයින් ගණන තවත් ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 20 පෙරවරු 10.35ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 20 සෙනසුරාදා පෙරවරු 10.30 වන විට 901ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ජුනි 18 හා 19 යන දෙදින තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 15 දෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 771ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 130ක් බව ද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
To Top