News

ඉන්දියාවේ හා ලන්ඩන් සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(RIVIRA.LK, 2020 ජුනි 20 පෙරවරු 11.05ට)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ මහරෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු සහ මහාරෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු ජුනි මස 20 වන දින අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර එංගලන්තයේ ලන්ඩන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු ද
හීත්‍රෝ ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ තිබෙනවා. එම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 522 දරණ විශේෂ ගුවන් යානයෙන් ජුනි මස 20 වන දින උදෑසන 8.22ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

දෙරටින්ම පැමිණි පිරිස් ගුවන්තොටුපල පරිශ්‍රයේදීම පී.සී.ආර් පරික්ෂණ සදහා යොමු කර තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top