(RIVIRA.LK, 2020 ජුනි 20 පස්වරු 10.07ට)
බංග්ලාදේශයේ ක්‍රිකට් නායක මෙන්ම බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ද වන මෂරෆි මොර්ටාසා හට කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට ඔහු විසින් ජුනි 20 සෙනසුරාදා දින පස්වරුවේ තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් තහවුරු කර ඇත.
මොර්ටාසා පසුගිය දින කිහිපය තුළ දී අසනීප තත්ත්වයෙන් සිටි බවත් පසුව ජුනි 19 වන දිනයේ දී සිදු කරන ලද පරීක්ෂණයේ දී කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට අමතරව, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු වන නස්මුල් ඉස්ලාම් සහ නෆීස් ඉක්බාල් යන ක්‍රීඩකයින් දෙදෙනා ට ද කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කෝවිඩ් වෛරසය වැළඳුන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බොහෝ දෙනෙකු පසුගිය කෝවිඩ් අර්බුද සමයේ වීදිවල සැරිසරමින් මහජනතාව වෙත සුභ සාධන කටයුතුවල නිරත වූ පුද්ගලයින් වේ.
පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෂාහිඩ් අෆ්රිඩ් හට ද කෝවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට පසුගිය සතියේදී තහවුරු විය.

