(RIVIRA.LK, 2020 ජුනි 21 පෙරවරු 11.10ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 21 ඉරිදා පෙරවරු 10.30 වන විට 901ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. පසුගිය දින තුනක කාලයක් තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයක්.
මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් දෙදෙනෙකු පසුගිය පැය 24 තුළ සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 773ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 128ක් බව ද සඳහන් වේ.
