මාලදිවයිනේ සහ අප්‍රිකානු මහද්වීපයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
(RIVIRA.LK, 2020 ජුනි 21 පස්වරු 12.25)
මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්රිත රැකියා වල නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 255 දෙනෙකු ජුනි 21 වන ඉරිදා දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ඔවුන් මාලදිවයින මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් ජුනි 21 ඉරිදා දහවල් 11.21 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබේ.
මේ අතර, ජුනි 21 ඉරිදා අලුයම අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මොවුන් මැඩගස්කර් , මොසැම්බික් , උගන්ඩාව , කෙන්යාව , රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටියි.
මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ , දාර් එස් සලාම් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී ඇත.