,
Covid-19

ඊයේ දිනයේ කිසිදු රෝගියෙක් වාර්තා වී නැහැ, සුවය ලැබූ ගණන 1498 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 21 පස්වරු 1.07ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 21 ඉරිදා පස්වරු 12.54 වන විට 1,950ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුනි 20 දිනය තුළ නව ආසාදිතයින් වාර්තා වාර්තා වී නැති අතර ජුනි 21 දිනය තුළ ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,498කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 436 දක්වා අඩු වී බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 25ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 77%ක් ලෙසත් මරණ අනුපාතය 0.5%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 901 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 14ක් ද සිටිනවා. මේ වන විට නාවික හමුදාවේ වැලිසර හා රන්ගල නාවික හමුදා කඳවුරු කොරෝනා වෛරසයෙන් තොර කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 1,950 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 08
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 691
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 938
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 436 අතුරින්,

  • IDH රෝහල – 47
  • වැලිකන්ද මූලික රෝහල – 80
  • මුල්ලේරියාව මූලික රෝහල – 04
  • ඉරණවිල මූලික රෝහල – 17
  • කාත්තන්කුඩි මූලික රෝහල – 79
  • නාවික හමුදා රෝහල – 00
  • හෝමාගම මූලික රෝහල – 10
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 35
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 98
  • තෙල්දෙණිය මූලික රෝහල – 62
  • යුද හමුදා රෝහල පනාගොඩ – 04ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 95,057ක් වන අතර ජුනි 20 දින පරීක්ෂණ 827ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

Rivira Ads
To Top