2020 මහමැතිවරණය

හරීන් කාදිනල් හිමිපාණන් ගැන කළ ප්‍රකාශයට දස දෙසින් විරෝධය, සජිත් සමාවත් අරගෙන

(RIVIRA.LK, 2020 ජුනි 22 පස්වරු 07.21ට)

2019 ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු කියා සිටියා.

ජුනි 21 දින පොළොන්නරුව මැදිරිගිරියේ දී පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වෙමින් හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළා.

“බදුල්ලේ ඉඳන් මම කොළඹ ආවා. මම තාත්තාගෙන් ඇහුවා පාස්කු එක ගැන දන්න ටික. ලෙඩෙක් බලන්න ආපු CID නිලධාරියෙක් තාත්තට කියලා තියෙන්නේ. දැන් මාව අට පාරක් CID යට ගෙනාවා. මමද මේක කළේ? හිටපු ජනපති දන්නේ නැහැ කියනවා. එදා රනිල් මට ප්‍රෙස් එකක් කියලා මාධ්‍යයට කියන්න කිව්වා. මාත් මෝඩයා වගේ ඒක මාධ්‍යයට කිව්වා. ඒක කැරකිලා මට ආවා. තොරතුරු කලින් ඇවිල්ලා තියෙනවා. මේක පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්. දැන් රටට නායකයෙක් ආවා. ගෝඨාභය – 52% සජිත් – 42% . මෙතන ගේම බලන්න. ගෝඨාභයගේ ගොඩෙන් 5% ක් සජිත්ට ආවානම් ප්‍රතිශත සමාන වෙනවා. එහෙම උනා නම් ජවිපෙට දුන්න අය බහුතරයක් සජිත්ට 2 දීලා තිබ්බේ. 5% වෙනස් කළේ කවුද? හිතාගන්න පුළුවන් නේද?. කතෝලික ඡන්දවලට පහර ගැහුවා. අගරදගුරු හිමියන් වෙත ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. මේවා ගැන කතා කරන්න මං කැමති නෑ.
ඒත් අගරදගුරු දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි. මම ඇමතුමක් දුන්නා. උන්වහන්සේ කළ ප්‍රකාශය. දේශපාලනය කළේ. 5% ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ.“

හරීන් ජාතියෙන් සමාව ගත යුතුයි – කාවින්ද ජයවර්ධන

මේ අතර ජුනි 22 දින රැස්වීමකට සහභාගී වෙමින් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන පැවසුවේ හරීන් ප්‍රනාන්දු, අගරදගුරුතුමා, කතෝලිකයින් සහ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගෙන්ම සමාව ගතයුතු බව සඳහන් කළා. එසේම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත්, දැඩි ලෙස හෙළා දකින බවත් ඔහු සඳහන් කළා. එලෙසම පක්ෂය මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

මැරුණු අහිංසක මිනිස්සු වෙනුවෙන් මිස ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ – නිමල් ලන්සා

මැරුණු මිනිස්සු, තුවාල උනු අහිංසක මිනිස්සු වෙනුවෙන් කාදිනල් හිමියන් පෙනී සිටි බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නිමල් ලන්සා කියා සිටියා. නිමල් ලන්සා වැඩිදුරටත් කියා සිටියේ “කතෝලික ආගමට, නායකයින්ට අපහාස කරන්න එපා කියලා මං හරීන්ට කියනවා.” යනුවෙනි.

තාත්තා නිසා ඒ හරීන් බේරුනා – විමල්

තාත්තා කියපු නිසා ඒ හරීන් ප්‍රානාන්දු බේරුන බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ කියා සිටියේ “මැරිනු තුන් හාරසීය ගැන ඔහුට වේදනාවක්” නොමැති බවයි. නමුත් ඒ ආගමේ නායකයා හැටියට කාදිනල්තුමන්ට වේදනාවක් තිබෙන බව පැවසූ විමල් වීරවංශ පෙන්වා දුන්නේ කාදිනල් හිමියන් පක්ෂ දේශපාලනයක් නොකරන බවයි.

හරීන් වෙනුවෙන් සජිත් සමාව අරන්

මේ අතර හරීන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශය පිළිබද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාදිනල් හිමිපාණන්ගෙන් සමාව ඉල්ලා තිබෙන බව ද වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
To Top