(RIVIRA.LK, 2020 ජුනි 23 පෙරවරු 11.30ට)
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුළ දැරූ සියලු තනතුරුවලින් ඉවත්විමට තමන් තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධායේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.
2020 මහමැතිවරණය සඳහා තරඟ කිරීමට තමන් වෙත නාමයෝජනා නොලැබීම ඊට බලපෑ ප්‍රධාන කාරණය බව පැවසූ ඔහු ඒ පිළිබඳ කනස්සල්ලට පත්ව තිබෙනවා.
නමුත් දේශපාලනයෙන් ඉවත් නොවන බව තීරණය කර ඇති නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටින්නේ තමන්ගේ ඉදිරි දේශපාලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිදුකරන බවයි.
ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කැමැත්ත සහ ආශිර්වාදය හිමිවනු ඇති බවට ඔහු අපේක්ෂා කරන අතර අගමැතිවරයා තමන් වෙත සාධාරණයක් කරනු ඇතැයි ද අපේක්ෂා කරන බව පැවසුවා.

