(RIVIRA.LK, 2020 ජුනි 23 පස්වරු 09.36ට – යාවත්කාලීන කිරීම පස්වරු 10.26ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 23 අඟහරුවාදා පස්වරු 10.00 වන විට 1,991ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 40ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 22ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් 40 දෙනාගෙන් 29 දෙනෙකු ඉන්දියාවේ සිට පැමිණි වෙළඳ නාවිකයින් පිරිසක් වන අතර ඉතිරි 11 දෙනා ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයින් වේ.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,548කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 432ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.
දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 22ක් සුවයි
