(RIVIRA.LK, 2020 ජුනි 24 පෙරවරු 10.25ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 24 බදාදා පෙරවරු 10.00 වන විට 901ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. පසුගිය දින 4 කාලයක් තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයෙකු වාර්තා වී නොතිබීම ද විශේෂත්වයක්.
මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 790ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 111ක් බව ද සඳහන් වේ.

