(RIVIRA.LK, 2020 ජුනි 23 පෙරවරු 11.19ට)
2019 ජනාධිපතිවරණයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ඡන්ද වෙනත් මඟකට යොමුකරමින් දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු චෝදනා කියා සිටියා.
ජුනි 21 දින පොළොන්නරුව මැදිරිගිරියේ දී පැවති මැතිවරණ රැස්වීමකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත් සම්බන්ධයෙන් පසුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අගරදගුරු හිමියන්ගෙන් සමාව ඉල්ලා සිටි බවද වාර්තා වී තිබුණා. මේ අතර හරීන් ප්‍රානාන්දුගේ ප්‍රකාශයට මහා සංඝරත්නය හා එම පක්ෂයේම අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණා.
මෙවන් පසුබිමක ජුනි 23 දින යළිත් බදුල්ල ප්‍රදේශයේ දී රැස්වීමක් අමතමින් හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ “අගරදගුරු හිමියන්ට ‘අදරදගුරු’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් තමා සමාව බජනය කර සිටින” බවයි. එහෙත් වෙනත් කිසිම විවේචනයක් සම්බන්ධයෙන් තමා නිවැරදි කිරීමක් නොකරන බව පැවසූ හරීන් කියා සිටියේ වැරැද්ද වැරදි ලෙස දැකීමට සහ වැරැද්ද විවේචනය කිරීමට තම දෙමාපියන් උගන්වා ඇති බවයි.
හරීන්ගේ ප්‍රශ්නගත ප්‍රකාශය පහළින්.
“බදුල්ලේ ඉඳන් මම කොළඹ ආවා. මම තාත්තාගෙන් ඇහුවා පාස්කු එක ගැන දන්න ටික. ලෙඩෙක් බලන්න ආපු CID නිලධාරියෙක් තාත්තට කියලා තියෙන්නේ. දැන් මාව අට පාරක් CID යට ගෙනාවා. මමද මේක කළේ? හිටපු ජනපති දන්නේ නැහැ කියනවා. එදා රනිල් මට ප්‍රෙස් එකක් කියලා මාධ්‍යයට කියන්න කිව්වා. මාත් මෝඩයා වගේ ඒක මාධ්‍යයට කිව්වා. ඒක කැරකිලා මට ආවා. තොරතුරු කලින් ඇවිල්ලා තියෙනවා. මේක පිටිපස්සේ තියෙන්නේ වෙන සෙල්ලමක්. දැන් රටට නායකයෙක් ආවා. ගෝඨාභය – 52% සජිත් – 42%.”
“මෙතන ගේම බලන්න. ගෝඨාභයගේ ගොඩෙන් 5% ක් සජිත්ට ආවානම් ප්‍රතිශත සමාන වෙනවා. එහෙම උනා නම් ජවිපෙට දුන්න අය බහුතරයක් සජිත්ට 2 දීලා තිබ්බේ. 5% වෙනස් කළේ කවුද? හිතාගන්න පුළුවන් නේද?. කතෝලික ඡන්දවලට පහර ගැහුවා. අගරදගුරු හිමියන් වෙත ගියා. එයා දුන්නා මරු දේශපාලනය. මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. මේවා ගැන කතා කරන්න මං කැමති නෑ. ඒත් අගරදගුරු දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි. මම ඇමතුමක් දුන්නා. උන්වහන්සේ කළ ප්‍රකාශය. දේශපාලනය කළේ. 5% ගේමේ ඇතුළේ හිටපු මිනිස්සු මේ.“
සම්බන්ධිත පුවත්
හරීන් කාදිනල් හිමිපාණන් ගැන කළ ප්‍රකාශයට දස දෙසින් විරෝධය, සජිත් සමාවත් අරගෙන

