දේශීය පුවත්

අල්ලස් ගත් කෑගල්ලේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි

(RIVIRA.LK, 2020 ජුනි 24 පෙරවරු 12.50ට)

නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණයක් අඩුවෙන් සටහන් කිරීමට නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

කෑගල්ල, අරණායක පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇත.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු විසින් ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 80ක් ප්‍රවාහනය කරමින් සිටින විට මෙම නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් සටහන් කිරීමට ජාවාරම්කරුගෙන් ඔවුන් තිදෙනා රුපියල් 60,000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top