දේශීය පුවත්

එංගලන්තයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(RIVIRA.LK, 2020 ජුනි 24 පස්වරු 3.18ට)

කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ජුනි 24 වන දින දහවල් දිවයිනට පැමිණ තිබෙනවා.

එම ගුවන් මගීන් පිරිස ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන විශේෂ ගුවන් යානයෙන් ජුනි 24 වන බදාදා දහවල් 1.10ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ ගුවන් තොටුපළ තුළ දී ම සිදු කර තිබේ.

මීට පෙර ජුනි 20 වැනි දින ද ලන්ඩන් සිට ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top