ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය ජූලි මාසයේ දී නොපැවැත්වෙයි

(RIVIRA.LK, 2020 ජුනි 24 පස්වරු 7.03ට)

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය ‍නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාලක මණ්ඩල එකඟ වී ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉදිරියේ දී එම තරඟාවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් උදාවී නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අයී.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එම තරඟාවලිය ජුලි මාසයේ දී එම තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබූ අතර තරඟාවලිය සඳහා ටෙස්ට් තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ අතර, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සහභාගී වූ තවත් පුහුණු සැසියක් ජුනි මස 24 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top