(RIVIRA.LK, 2020 ජුනි 25 පෙරවරු 9.30ට)
කෝවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 420 දෙනෙකු ජුනි 24 වන බදාදා දිනයේ දී විවිධ රටවල්වල සිට දිවයිනට පැමිණ ඇත.
එම ගුවන් මගීන් පිරිසෙන් දෝහා සිට QR 668 දරණ මගී ගුවන් යානයෙන් පුද්ගලයින් තිදෙනෙක්, ලන්ඩන් සිට පැමිණි UL 504 දරණ ගුවන් යානය මඟින් පුද්ගලයින් 154 දෙනෙක් , මාලදිවයිනේ සිට පැමිණි UL 1402 දරණ ගුවන් යානයෙන් මගීන් 169 දෙනෙක් සහ සිංගප්පූරුවේ සිට UL 303 දරණ ගුවන් යානයෙන් මගීන් 94 දෙනෙක් දිවයිනට පැමිණියේය.
එමෙන්ම, ජුනි 25 වන දිනයේ දී සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට මගීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔවුන් සියලු දෙනා ගුවන්තොටුපොළ තුළ දී ම පී.සීතආර් පරීක්ෂණ සිදුකර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇත.
එසේම, ජුනි 24 වන දිනය තුළ දී පුනානී මධ්‍යස්ථානයෙන් එක් අයෙක්, රුවල කල්පිටිය මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 5 දෙනෙක් හා නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 12 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී පිටව ගොස් තිබේ. ඒ අනුව නිරෝධායනය අවසන් කර ඊයේ දිනය වන විට පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 16,271 ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ජුනි 24 වන බදාදා දිනය වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 4, 223 ක් නිරෝධායන වෙමින් සිටී.

