(RIVIRA.LK, 2020 ජුනි 25 පෙරවරු 10.39ට)
කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කලාපයෙන් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ගණන මිලියන 2.2 ඉක්මවා ගොස් ඇති අතර මසක් ඇතුළත එම කලාපයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන දෙගුණ වූයේ යැයි ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
යුරෝපා කලාපයෙන් සහ ආසියාවෙන් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන් මෙන්ම ආසාදිත මරණ වේගයෙන් වාර්තා වුව ද ඊටත් වඩා වැඩි වේගයකින් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වෛරසය ආසාදනය වූවන් සහ ආසාදිත මරණ වාර්තා වී ඇතැයි ද එම අංශ කියයි.
නව කොරෝනා වෛරසයෙන් ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. බ්‍රසීලයෙන් මේ වන විට ආසාදිතයින් මිලියන 1.1 ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් පුද්ගලයින් 53,874 දෙනෙකු මරණයට පත් වී ඇත.
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 9.5 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 485,122 ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

