(RIVIRA.LK, 2020 ජුනි 25 පෙරවරු 11.00ට)
වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ප්‍රධාන ජේලර්වරුන් හත් දෙනෙකු සහ පළමු පෙළ ජේලර්වරුන් 13 දෙනෙකු ඇතුළත්ව ඇත.
එමෙන්ම, පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා තනතුරින් ඉවත් කර දුම්බර බන්ධනාගාරයේ සේවය සඳහා මාරුකර යැවීමටද පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.
බන්ධනාගාර පරිපාලන කටයුතු විධිමත් කර, ආයතනය යහපත් තත්ත්වයකට පත්කිරීමේ නව සැලසුම් අනුව මෙම මාරුවීම් සිදුකර තිබෙන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මේ අතර, සිරකරුවෙකුට හෙරොයින් ග්‍රෑම් 7ක් ලබාදුන් බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන එම නියාමකගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම, මැගසින් බන්ධනාගාරය තුළ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 14ක් සොයා ගෙන තිබේ.
සම්බන්ධිත පුවත්
- සතියක් තුළ සියලු බන්ධනාගාර තහනම් භාණ්ඩවලින් තොර කරන්න නියෝගයක්
- මීගමුව බන්ධනාගාරයේ කළ හදිසි වැටලීමකින් තහනම් භාණ්ඩ රැසක් සොයා ගනී

