(RIVIRA.LK, 2020 ජුනි 25 පස්වරු 12.33ට)
අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී ද්‍රවිඩ මහ සභා අපේක්ෂක කරුණා අම්මාන් විසින් සිදුකළ මිලේච්ඡ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජුනි 23 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
නමුත් අසනීප තත්වයක් හේතුවෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබූණි.
අදාළ ප්‍රකාශය ජුනි 17 දින පැවති රැස්වීමකදී සිදුකර ඇති අතර ඒහිදී ඔහු කියා සිටියේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයින් 2000ක්, 3000ක් අතර ප්‍රමාණයක් එක් රැයකදී ඝාතනය කළ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි අප්‍රාසාදයක් එල්ල වූ අතර ඇතැමුන් මොහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස හැඳින්වීමට ද කටයුතු කර තිබුණි. එහෙත් කරුණා අම්මාන් මෙවර තරඟ කරන්නේ ද්‍රවිඩ මහ සභා පක්ෂයෙනි.
සම්බන්ධිත පුවත්
ද්‍රවිඩ මහ සභා අපේක්ෂක කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන රහස් පොලිස් විමර්ශනයක්

