කොවිඩ්-19

ආසාදිතයින් ගණන 2,010 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 ජුනි 25 පස්වරු 09.25ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 25 බ්‍රහස්පතින්දා පස්වරු 6.00 වන විට 2,010ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ නව ආසාදිතයින් 09ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 40ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දැනට වාර්තා වූ ආසාදිතයින් 09 දෙනාගෙන්

  • නාවික හමුදා සාමාජිකයින් – 06
  • වෙළඳ නාවිකයින් – 03 (බූස්ස නිරෝධායනය මධ්‍යස්ථානය)

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,602කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 397ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

දෛනික වාර්තාව – තවත් ආසාදිතයින් 40ක් සුවයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top