(RIVIRA.LK, 2020 ජුනි 25 පෙරවරු 09.22ට)
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 26 සිකුරාදා පෙරවරු 09.00 වන විට 904ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. මීට පෙර වාර්තා වූ ආසාදිතයින් අතර 6 දෙනෙකු ප්‍රමාද දෝෂයක් හේතුවෙන් නාවික හමුදා සාමාජිකයින් ලෙස ගණනය වී ඇති අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින්ගේ ආශ්‍රිතයින් බව තහවුරු වීමෙන් පසුව එය නිවැරදි කර තිබෙනවා.
මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් 09 දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 820ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 84ක් බව ද සඳහන් වේ.

