(RIVIRA.LK, 2020 ජුනි 26 පස්වරු 03.13ට)
පළාත් කිහිපයකට ජුනි 26 සිකුරාදා දිනයේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.
ජුනි 26 උදෑසන 8.30 වන විට වැඩිම වර්ෂාපතනය ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගලින් මි.මී 107.0ක් වාර්තා වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මි.මී 101.5 ක් ද කළුතර දිස්ත්‍රික්කයේ හල්වතුර ප්‍රදේශයෙන් මි.මී. 100 ක් ලෙස ද වර්ෂාපතනය සඳහන්ය.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කහන්විට ප්‍රදේශයෙන් මි.මී 97ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලවැදි උල්පත ප්‍රදේශයට මි.මී. 83 ක්, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයට මි.මී. 82.5ක් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රක්කයේ වටවල ප්‍රදේශයට මි.මී. 81.5 ක් ලෙස වැසි ලැබී ඇත.
මේ අතර, මධ්‍යම කඳුකරයට කඩින් – කඩ ඇද හැලෙන තද වැසි හේතුවෙන් හැටන් – නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ සහ හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිහිදුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස හැටන් පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.
මේ අතර ඊයේ ඇඳහැලුණු වැසි සමග බදුල්ල නගරයේ මහ රෝහල ආසන්නයේ සුළු ජල ගැලීම් තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා. ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් තාප්ප හා අළුතින් ඉඳිකරන ගොඩනැඟිලි සංකීර්ණ ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

