(RIVIRA.LK, 2020 ජුනි 26 පස්වරු 04.04ට)
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිවූ බව කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව කී‍්‍රඩා අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇත. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම තරඟාවලිය පැවැත්වීමට සියලූම පාර්ශ්වවල එකඟතාවය පළ වී තිබෙනවා.
අගෝස්තු මස 08 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගවාලියට කණ්ඩායම් 05 ක් තරග වැදීමට නියමිතයි. මෙම තරඟාවලිය පැවැත්වීමට හැකිවුවහොත් ‘කොරෝනා’ අවදානමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ප්‍රධානතම ක්‍රිකට් තරඟාවලිය එය බවට පත්වේ.
මෙම තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර එක කණ්ඩායමක සංචිතයට විදේශ ක්‍රීඩකයන් හය දෙනකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනකු ඇතුළත් වේ. වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන්ට තරඟාවලිය සඳහා ආරාධනා කර ඇති අතර ක්‍රීඩකයන් පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැත.
තරඟාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩකයන් දින 14 කට වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට නියමිතයි.
මෙම සම්පූර්ණ තරගාවලියට තරඟ 23 ක් ඇතුළත් වන අතර එම තරඟ ක්‍රීඩාංගණ හතරක පැවැත්වීමට සැළසුම් කරමින් සිටියි. දඹුල්ල, සූරියවැව, පල්ළෙකැලේ සහ එස්.එස්.සී. යන ක්‍රීඩාංගණවල මෙම තරඟ පැවැත්වීමට නියමිතය වේ.
“කොරෝනා ප්‍රශ්නය නිසා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් කරන්න ලැබුණෙ නැති නිසා එහි තරඟ පවත්වන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කොළඹ ක්‍රීඩාංගණය ලෙස එස්.එස්.සී. තෝරාගන්න වුණා. ඇතැම් විට දඹුල්ල සහ පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ දෙකේ පමණක් තරෙඟ පැවැත්වීමේ සැළසුමක් ද තියෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නෑ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් 2012 වසරේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් (එස්.එල්.පී.එල්.) ලෙස තරගාවලියක් පැවැති අතර ඉන් අනතුරුව එය පැවැත්වීමට නොහැකි විය.

