(RIVIRA.LK, 2020 ජුනි 26 පස්වරු 07.04ට)
MCC ගිවිසුම වැනි ගිවිසුම් අත්සන් කිරීමේ දී පූර්ව ගිවිසුම් අත්සන් කිරීම අනිවාර්ය ලෙස සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ජුනි 26 දින දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී එළියට පැමිණි අවස්ථාවේ දී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ආණ්ඩුව මෙමගින් උත්සාහ දරන්නේ පෙර ආණ්ඩුව කොටසක් අත්සන් කර ඇති බව පෙන්වා ඉතිරියත් අත්සන් කිරීමට යැයි ඔහු චෝදනා කළා.
එසේම මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර හෙළි දරව් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.
ඔහුගේ ප්‍රකාශය පහතින්.
“MCC ගිවිසුම හරහා එන මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දී අනිවාර්ය ලෙස පූර්ණ ගිවිසුම් අත්සන් කරනවා. ඒක ඊයේ හොයා ගත්තා වාගේ නේද? ප්‍රකාශ කරනවා.. පෙනී හිටිනවා.. මම දැකලා තිබෙනවා..
අපේ රටේ පාර්ලිමේන්තුව, අවුරුදු 50ක් නියෝජනය කරලා තියෙනවා කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා… ජනාධිපති ධූරය හෙබෙව්වා, අවස්ථා දෙකක්. අගමැති ධූරය හෙබෙව්වා. විපක්ෂ නායක ධූරය හෙබෙව්වා. කැබිනට් අමාත්‍ය ධූරය හෙබෙව්වා. ඒ නිසා එවැනි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පූර්ණ අවබෝධයක් ඔහුට තිබිය යුතුයි. ඒක නොදැන හිඳීම රාජපක්ෂගේ.. නේද.. පරිණතභාවය පිළිබඳ ප්‍රශ්නයක්.
හැබැයි, ඒ පූර්ව ගිවිසුම් අත්සන් කරපු බවත්,ඒ සඳහා යම් මුදලක් ලබා ගත්තු බවත්, අප රටට හෙළිදරව් කළා. ඒ නිසා, ඊයේ වාර්තාවලින් එවැනි ගිවිසුමක් අත්සන් කරලා තියෙන බවක් කියන ප්‍රවෘත්තිය අපිට අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක අපි මීට කලින් හෙළිදරව් කරලා තියෙනවා. මීට කලින් රටේ ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි තේරුම් ගත යුතුයි. එවැනි පූර්ව ගිවිසුම්වලින් කිසිසේත්ම බැඳෙන්නේ නැහැ.
ඇමරිකන් ගැති නොවන, MCC එකට යටත් නොවන, සැබෑ දේශප්‍රේමී පාලනයක් නම් එම පූර්ව ගිවිසුම්වලට බැඳෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව විසින් කළ යුතු වන්නේ කුමක්ද? අත්සන් නොකරන බවට ප්‍රකාශයට පත් කරන බව පමණක් නෙවෙයි. දැනටමත් MCC කාර්යාලයක් පවත්වාගෙන යනවා. එම MCC කාර්යාලය ඉවත් කර ගැනීම සඳහා බල කරන්න.
ඒ වගේම, මා දැක්කා… ඒ කොමිසම පස්සේ කිව්වා.. අත්සන් කරන්නේ නෑ කියලා නෙමෙයි. මහජන අදහස් විමසනවා කියලා. අත්සන් කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළේ නැහැ. ඉතින් ජනාධිපතිවරණයේ දී විමසුවේ මොන අදහස් ද? ජනාධිපතිවරණයේ දී ඉතා පැහැදිලිව කිව්වෙ මොකද්ද ?ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ ජයග්‍රහණය කරන්න MCC ඉරා දමනවා කියලා. දැන් ඉරා දමනවා කියපු මහත්තුරු ආයි ජනතාවගෙන් විමසන්න යනවා.
ඒ නිසා, මේ උත්සාහ කරමින් තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි. ඇමරිකන් ගැති, රූකඩ පාලනය අපේ රටේ සැබවින්ම මහජනයාගේ දේපල පිළිබඳ ආදරයක්, ලෙන්ගතුකමක් නැති, නිකන් උඩ පාවෙන වාෂ්ප වගේ පාලකයෝ මේ MCC ගිවිසුම අත්සන් කරන්න යනවා. අත්සන් කරනවා.
අත්සන් නොකරනවා නම්, අපි එක අභියෝගයක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන්න මේක අත්සන් නොකරන බව. ඔහු මට මතකයි.. මීට කලින් කිව්වා.. ඔහුගේ නෙමෙයි, ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක සේමසිංහ කිව්වා.. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී කිව්වේ නැහැ කවදාවත් මේක අත්සන් කරන්නේ නැහැ කියලා. හරිද.. එහෙමයි කියලා තියෙන්නේ.
ඒ නිසා, දැන් වහාම ප්‍රකාශයක් කරන්න. අත්සන් නොකරන බව. ඒ නිසා, ඒ සඳහා විධිවිධාන සකස් කරලා තියෙන කාර්යාල ඉවත් කරන්න බල කරන්න. එහෙම කරන්නේ නැහැ. මොවුන් ඡන්දෙන් පස්සේ අත්සන් කරන්න පසුබිම මේ නිර්මාණය කරන්නේ. මේ ගේන තර්කය තමයි, එක්සත් ජාතික පක්ෂය පරණ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා, අපිට අනේ අත්සන් කරන්න වෙනවා. වගේ තර්කයක් හදන්න තමයි ඔය ඔක්කොම නාඩගම දියත් කරලා තියෙන්නේ.”
සම්බන්ධිත පුවත්

