(RIVIRA.LK, 2020 ජුනි 27 පෙරවරු 08.27ට)
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 26 සිකුරාදා පස්වරු 9.55 වන විට 2,014ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 04ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 17ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.
දැනට වාර්තා වූ ආසාදිතයින් 04 දෙනාම පාකිස්ථානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් තිදෙනෙකු මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ ද, අනෙක් පුද්ගලයා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ ද නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් ය.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,619කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 384ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

