දේශීය පුවත්

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කරයි

(RIVIRA.LK, 2020 ජුනි 27 පස්වරු 03.31ට)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා. අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් සඳහන් කළේ අදාළ නිලධාරියාට එරෙහිව එල්ල වූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඉකුත්දා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව බන්ධනාගාරයේ 7, 8 යන සිර මැදිරිවල තිබී ශීතකරණ, විදුලි උදුන්, විදුලි පංකා ඇතුළු තහනම් භාණ්ඩ රැසක් සොයාගනු ලැබුවා. මේ අයුරින් සිරකරුවන්ට අසීමිත සැප පහසුකම් ලබා දෙමින් කටයුතු කරන ලද්දේ මෙලෙස වැඩ තහනමට ලක් වූ නිලධාරියා විසින් ය.

ඉන් අනතුරුව චෝදනාවට ලක්වී සිටින නිලධාරියා කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළත් ඔහු එම බන්ධනාගාරයේ රාජකාරී සඳහා වාර්තා නොකළ බව අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් සිත්ති මරීනා මොහොමඞ් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත්

බන්ධනාගාර ජේලර්වරුන් 19කට ස්ථාන මාරු

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top