(RIVIRA.LK, 2020 ජුනි 27 පස්වරු 04.15ට)
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීමේ ගැටළු රැසක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමය පවසයි.
දළදා කරඬුව වැඩමවීම සඳහා යොදා ගනු ලබන කතරගම වාසනා හස්තියා, ඉන්දිරාජා මෙන්ම නැඳුන්ගමුවේ හස්තියාද මෙවර පෙරහැර මංගල්‍යයට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව එම සංගමය සඳහන් කළේය.
ආශිර්වාද ලබා ගැනිම පිණිස පැමිණෙන නරඹන්නන්ගෙන් තොර වූ මෙවර මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය සදහා වන කප් සිටුවීම ජූලි මස විසිවැනි දින සිදුකෙරෙන අතර විසිහතර වැනි දින තෙක් සිව්මහා දේවාල ඇතුල් පෙරහර පැවැත්වේ
මෙවර දළඳා පෙරහැරේ කුඹල් පෙරැර ජූලි මස විසිපස්වැනි දින වීථි සංචාරය කරන අතර ජූලිමස තිස්වැනි දින පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කරන අතර අගෝස්තු තුන්වැනි දා පොහොය දින අවසන් රන්දෝලි පෙරහර වීථි සරනු ඇත.
එමෙන්ම, අගෝස්තු මස හතරවැනි දා අලුයම දියකැපීමේ මංගල්‍යයද එදින දහවල් පෙරහර වීථි සංචාරය කොට පස්වරු 4.41ට නැවත දළදාමාළිගයට ගෙවැදිමෙන් පෙරහර නිමා කිරිමටද අනතුරුව වස් ආරාධනා කොට පෙරහර නිමකිරිමේ චාරිත්‍රානූකූලව මහනුවර ජනාධිපති මැදුරේදි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට පෙරහර සංදේශය භාර දීමට සැලසුම් කර ඇති බව ද දියවඩන නිළමේවරයා පසුගිය ජුනි මස 19 වැනි දින පැවති පෙරහැර කමිටු රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලදි.

