කොවිඩ්-19

කොරෝනා වෛරසයෙන් දකුණු ආසියාවටත් ප්‍රබල බලපෑමක් – සංඛ්‍යා ලේඛන මෙන්න

(රිවිර.LK, 2020 ජුනි 27 පස්වරු 08.07ට)

කොවිඩ් 19 ලෝක වසංගත තත්වයේ මුල් කාලයේ දී දකුණු ආසියාවට අවම බලපෑමක් සිදුවුවද අප්‍රේල් මස අග වන විට දකුණු ආසියාව තුළ ද සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. එහිදී ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් ලැයිස්තුවේ 4 වන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ දකුණු ආසියාව තුළ මෙන්ම ආසියාවේ ද ඉහළම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ රට බවට පත් වෙමිනි.

මේ වන විට දකුණු ආසියාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 27 සෙනසුරාදා පස්වරු 6 වන විට 891,655ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 455,285කි. සමස්ත ආසාදිතයින් අතුරින් 22,211 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන ආසන්න වශයෙන් 414,159ක් පමණ වේ.

දකුණු ආසියාවට අයත් රටවල් 8 තුළින්ම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවී ඇති අතර ආසාදිතයින් ප්‍රමාණය අතින් පිළිවෙලින් ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ භූතානය සිටී. ඒ ඒ රටවල තත්වය පහතින් විමසා බලමු.

ඉන්දියාවේ තත්වය

ලොව 04 වැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින සහ දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් සිටින රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් 511,478ක් වාර්තා වී ඇති අතර ඉන් 15,731 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 297,013ක් සුවය ලබා ඇති අතර 198,734ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 371ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව වාර්තා වන මරණ ගණන 11කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 5,795ක් පමණ වේ.

පාකිස්ථානයේ තත්වය

ලොව 12 වැනියට සහ දකුනු ආසියාවෙන් දෙවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ පාකිස්ථානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 198,883ක් වාර්තා වී ඇති අතර ඉන් 4,035 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 86,906ක් සුවය ලබා ඇති අතර 107,942ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 901ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 18කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 5,498ක් පමණ වේ.

බංගලාදේශයේ තත්වය

ලොව 17 වැනියට සහ දකුණු ආසියාවේ තෙවැනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ බංගලාදේශයෙනි. බංගලාදේශයෙන් මේ වන විට ආසාදිතයින් 133,978ක් වාර්තා වී ඇති අතර ඉන් 1,695 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 54,318ක් සුවය ලබා ඇති අතර 77,965ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 814ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 10කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 4,343ක් පමණ වේ.

ඇෆ්ගනිස්ථානයේ තත්වය

ලොව 41 වැනියට සහ දකුනු ආසියාවෙන් සිව්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇෆ්ගනිස්ථානයෙන් වේ. මේ වන විට ආසාදිතයින් 30,616ක් වාර්තා වී ඇති අතර ඉන් 703 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 10,674ක් සුවය ලබා ඇති අතර 19,239ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 787ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 18කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 583ක් පමණ වේ.

නේපාලයේ තත්වය

ලොව 64 වන ස්ථානයට සහ දකුනු ආසියාවෙන් පස්වැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ නේපාලයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 12,309ක් වාර්තා වේ. ඉන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 2,834ක් සුවය ලබා ඇති අතර 9,447ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 423ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 1කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 17,334ක් පමණ වේ.

මාලදිවයිනේ තත්වය

ලොව 102 වැනි ස්ථානයට සහ දකුනු ආසියාවෙන් හයවැනියට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ මාලදිවයිනෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 2,283ක් වාර්තා වේ. ඉන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 1,346ක් සුවය ලබා ඇති අතර 931ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 4,225ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 15කි. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 46,891ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව 86,774ක් පමණ වේ. (මාලදිවයිනේ සමස්ත ජනගහණය මිලියනයකට වඩා අඩු අතර එය 539,313ක් පමණ බව සළකන්න.)

ශ්‍රී ලංකාවේ තත්වය

ලොව 105 වන ස්ථානයේ සහ දකුනු ආසියාවෙන් හත්වැනියට වැඩිම සහ දෙවැනියට අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. ශ්‍රී ලංකාවේ මේ වන විට ආසාදිතයින් 2,033ක් වාර්තා වී ඇති අතර ඉන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආසාදිතයින් 1639ක් සුවය ලබා ඇති අතර 383ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. මෙරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 93ක් වන අතර මිලියනයකට වාර්තා වන මරණ ගණන 0.5කි. රට තුළ සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 4,797ක් පමණ වේ.

භූතානයේ තත්වය

ලොව 184 වන ස්ථානයේ සිටිමින් දකුනු ආසියාවේ අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ භූතානයෙන් වන අතර මේ වන විට ආසාදිතයින් 75ක් වාර්තා වේ. භූතානයේ මෙතෙක් කොරෝනා මරණයක් වාර්තා වී නැත. ආසාදිතයින් 38ක් සුවය ලබා ඇති අතර 37ක් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටී. එරට ජනගහණය මිලියනයකට වාර්තා වන ආසාධිතයින් ගණන 97ක් වේ. රට තුළ සිදුකර ඇති සමස්ත කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය 23,988ක් වන අතර ජනගහණය මිලියනයකට සාපේක්ෂව එම අගය 31,093ක් පමණ වේ. (භූතානයේ සමස්ථ ජනගහණය මිලියනයකට වඩා අඩු වන අතර 770,540ක් පමණ වන බව සළකන්න.)

Rivira FB Group Rivira Youtube
To Top